ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කර තිබෙනා අතර, ඉකුත් පැය 24 තුළ පලස්තීන වැසියන් 300 දෙනෙකු පමණ එම ප්‍රහාරවලින් මියගොස්, 550කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු අල්ජසීරා පුවත් සේවය වෙත පවසා ඇත්තේ ඔක්තොම්බර් 07 වන දින ඊශ්‍රායල පලස්තීන යුද ගැටුම් ආරම්භ වූ දා පටන් මේ වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 18,000 ඉක්මවා ගොස් ඇති බවයි.
මේ අතර, හමාස් සංවිධානයේ අවසානය ආරම්භ වී ඇති බවත් හමාස් සංවිධානය ඊශ්‍රායල හමුදාවන්ට වහා යටත් විය යුතු බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත. මේ අතර හමාස් සංවිධනය පවසනුයේ ඊශ්‍රායලය වහා තම ප්‍රහාර නතර කළ යුතු බවයි. නොඑසේනම් තමන් බාරයේ සිටිනා ඊශ්‍රායල් ප්‍රාණ ඇප කරුවන් මරාදමනා බව ඔහුන් පවසයි .