ඊශ්‍රායල් ගිය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙනා විදේශ විනිමය ඉහළයයි

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රමිකයින් ලංකාවට එවනු ලබන විදේශ ප්‍රේශණ අඛණ්ඩව වර්ධනය වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

විදේශ ගත ශ්‍රමිකයින් ලංකාව එවන ලබන මුදල් සම්බන්ධයෙන් වන වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කාර්තුමය වශයෙන් නිකුත් කරයි. 2023 වසරේ තුන්වැනි කාර්තුව දක්වා ඊශ්‍රාලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එවනු ලබන ප්‍රේශණ මෙම වාර්තාවට ඇතුළත් වූයේ නැත. ඒ ඊශ්‍රායලෙයන් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ අගයක් නොගත් නිසාය. එහෙත් 2023 වසරේ තුන්වැනි කාර්තුවේ සිට මෙම වාර්තාවට ඊශ්‍රායලයෙන් ලැබෙන විදේශ විනිමය ඇතුළත් වී තිබේ. ඒ එතැන් සිට ඉහළ අගයකින් යුත් ප්‍රේශණ ලැබීම නිසාය.

2023 වසරේ තුන්වැනි කාර්තුවේදී ඩොලර් මිලියන 14.3ක විදේශ විනිමයක් ඊශ්‍රායලයේ සිටි ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් ලංකාවට එවා ඇති අතර 2023 සිව් වැනි කාර්තුවේදී එය ඩොලර් මිලියන 21.3 දක්වා ඉහළ ගොස් ඇත. 2024 පළමු කාර්තුවේදී 22.3 ක් වූ ඊශ්‍රායලෙයන් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය එම ඵසරේ දෙවැනි කාර්තුව වන විට 27.4 දක්වාත්, සිව්වැනි කාර්තුව වන විට 33.6 දක්වාත් ඉහළ නංවාගෙන තිබේ. පසුගිය වසරේ සිව්වැනි කාර්තුවේදී ඊශ්‍රායලේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට එවා ඇති විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 47.4කි.

මේ වසරේ මුල් මාසයේදී ඊශ්‍රාලයේ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 55.9ක මුදලක්ද දෙවැනි කාර්තුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 64.6ක මුදලක්ද එවා තිබේ.

මෙම කාලය තුළදී ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලැබෙන රටවල් බවට වැඩම කාර්තු සංඛ්‍යාවකදී වාර්තාවී ඇත්තේ කුවේට් රාජ්‍යයයි. එක් කාර්තුවකදී පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට් රාජ්‍යය ඉක්මවා ගොස් ලංකාවට විදේශ විනිමය එවා තිබේ.