ඉරාන ජනපතිගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායලය ඉරාන භූමියට එල්ල කරන මහා පරිමාණ ප්‍රහාරයකදී ආරක්ෂක භූමිකාව කැපී පෙනෙන ලෙස වෙනස් විය හැකි බව හා එහිදී ඊශ්‍රායලය මුළුමණින්ම විනාශ කර දමන බව ඉරාන ජනපති ඊබ්‍රාහීම් රයිසි ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට පවතින අවස්ථාව අනුව ඊශ්‍රායලයේ සියොන්වාදී රෙජීමයේ කිසිවක් ඉතිරි නොවන බවත් ඔහු සඳහන් කරනවා.

ඉරාන නායකයා මෙම ප්‍රකාශය පාකිස්ථානයේ සංචාරයේ නිරතවන අතරතුර සිදුකළ බව ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති සේවය පවසනවා.

පසුගිය සඳුදා සිට පාකිස්ථානයේ දින තුනක සංචාරයක නිරත වූ ඉරාන ජනාධිපතිවරයා දෙරට අතර වාර්ෂික ද්විපාර්ශ්වික වෙළෙඳාම ඩොලර් බිලියන 10 දක්වා ඉහළ නැංවීමට ද ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

එලෙසම මෙම අවබෝධතා ගිවිසුම් මුල්කරගෙන පාකිස්ථානයට සම්බාධක පැනවිය හැකි බව පවසමින් අමෙරිකා එක්සත් ජනපදය මේ වන විට අනතුරු අඟවා තිබෙනවා.

පාකිස්ථානයේ ලාහෝර් නුවරදී කළ කථාවේදී ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි වැඩිදුරටත් ප්‍රකාශ කළේ පලස්තීන ප්‍රතිරෝධයට ඉරානය ගෞරවනීය ලෙස අඛණ්ඩව සහාය පළ කරන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!