ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව අසල නැංගුරම්ලා ඇති IRIS Bushehr නම් ඉරාන නෞකාව පිළිබඳව විශේෂ ජනමාධ්‍ය හමුවක් අද පස්වරුවේ පැවැත්විනි .
එහිදී අදහස් දක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක එම නෞකාවේ කාර්ය මණ්ඩලය කොළඹ වරායෙන් මෙරටට ඇතුළු කරගන්නා බව පැවසීය .
එසේම වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව එහි සිටින කාර්ය මණ්ඩලය 208 දෙනා වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන යෑමට නියමිත බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඉන් අනතුරුව නෞකාව ත්‍රිකුණාමලය වරායට ගෙන යන බවද ජනාධිපතිවරයා පැවසීය.
ඉරාන නෞකාවේ ළමුන් 300 දෙනෙකු සිටින බවට සමාජ මාධ්‍යවල පැතිර යන කටකතා අසත්‍ය බවත්, පටු දේශපාලන වාසි සඳහා පවතින අර්බුදකාරී තත්ත්වය උපයෝගී කර ගැනීමෙන් වළකින ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.