ඉරාන ඩ්‍රෝන යානා සෞදි අරාබියෙ විශාලතම පිරිපහදුවට පහර දෙයි .

අද උදයේ එල්ලවූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් සෞදි අරාබියේ ”රාස් තනුරා” තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන ඇතිබව රොයිටර් පුවත්සේවය වාර්තා කරයි .

රාස් තනූරා සෞදි ආරාබිය සතු දැවැන්තම පිරිපහදුව වන අතර එය ඉලක්ක කර ගනිමින් ඉරාන ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කර ඇත. මේ පිළිබඳව සෞදි ආරක්ෂම අමාත්‍යංශය උපුටා දක්වාමින් එරට නිල SPA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනුයේ රාස් තනුරා පිරිපහදුවට පහර දීමට පැමිණි ඩ්‍රෝනා යානා දෙකක් විනාශ කළ බවත් , එම යානා ගිනිගෙන වැටීම නිසා පිරිපහදුවේ හටගත් ගින්න පාලනය කර ඇතිබවත් ය .

සෞදි අරාබියේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති රාස් තනුරා, එරට ප්‍රධාන තෙල් පිරිපහදු සහ අපනයන මධ්‍යස්ථානයක් ලෙස සැලකේ . එහි දෛනික නිෂ්පාදන ධාරිතාව බැරල් 550,000 කි .