ඩුබායි හිදී පැවැත්වෙන ‘Dubai Air Show’ ගුවන් සන්දර්ශනය අතරතුර දී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් කඩාවැටී ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි .
‘HAL තේජාස්’ නම් යානය මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, එම අනතුර ඩුබායි වේලාවෙන් අද (21) ප.ව. 2:10ට පමණ සිදුව තිබේ. යානය අනතුරට පත්වීමට පෙර එහි නියමුවා පිටතට පැනගත්තාද, නැතිනම් ඔහු ජීවිතක්ෂයට පත්වූවාද යන්න පිළිබඳ මේ දක්වා තහවුරු කර නොමැත.
ලොව වඩාත් ජනප්‍රිය ගුවන් සන්දර්ශනයක් වන මෙම ඩුබායි ‘Dubai Air Show’ සඳහා ලොව පුරා රටවල් රැසක් සිය ගුවන් යානා එක් කර තිබේ.