ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමනාගමනය අවදානම්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ස්ථාන කිහිපයකින් ගල් සහ පස් කඩා වැටෙමින් පවතින බැවින් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වී තිබෙනවා.

ඒ හේතුවෙන් අද (16) සවස 6 සිට හෙට (17) උදෑසන 6 දක්වා තාවකාලිකව එම මාර්ගය වසා දැමීමට තීරණය කර තිබෙනවා.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම්දෙන්නේ එම මාර්ගයේ පවතින අවදානම් තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

ඇල්ල – වැල්ලවාය මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් ජනතාවට දැනුම්දෙනවා.

කරදගොල්ල සහ රාවණා ඇල්ල අතර මාර්ග කොටසේ කඳු මුදුන්වල සිට විශාල ජල කඳක් ද සමග පස් බැම්මක් මාර්ගයට කඩා හැලෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!