ඇමරිකාව විසින් ග්‍රීන්ලන්තය මිලදී ගන්නවාට විරුද්ධ රටවලට ට්‍රම්ප්ගෙන් නව බද්දක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය රටවල් කිහිපයකට අමතර තීරුබදු පැනවීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබේ. ඔහු එම පියවර හඳුන්වා ඇත්තේ ග්‍රීන්ලන්තය වටා ඇති ගෝලීය ආරක්ෂක ගැටළුවලට මෙය සම්බන්ධ කරමිනි.

ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක සඳහන් කළේ ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය ඇතුළු රටවල් එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ සඳහා නව තීරුබදු පැනවෙන බවයි.

ප්‍රකාශයට අනුව, 2026 පෙබරවාරි 1 වැනිදා සිට ලැයිස්තුගත රටවල සියලුම භාණ්ඩ සඳහා සියයට 10ක තීරුබදුවක් පනවන බවත් එය 2026 ජුනි 1 වැනිදා සිට තීරුබදු සියයට 25 දක්වා වැඩි කරන බව ට්‍රම්ප් පැවසීය..

ග්‍රීන්ලන්තය සම්පූර්ණයෙන් මිලදී ගැනීම සඳහා ගිවිසුමකට එළඹෙන තෙක් තීරුබදු ක්‍රියාත්මක වන බව ට්‍රම්ප් පැවසීය.

වැඩි දුරටත් කරුණු දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා අත්තේ ‘ග්‍රීන්ලන්තය ආපසු භාර දීමට ඩෙන්මාර්කයට කාලය පැමිණ ඇති’ බවයි.