ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත්කර ඇති සාම සැළැස්ම හමාස් සංවිධානය පිළිනොගන්නේනම් ඔවුනට දරුණු විනාශයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.
හමස් සංවිධානය එක්සත් ජනපද සාම සැළසුම හෙට (5) ඉරිදා ග්‍රිනිච් වේලාවෙන් 22:00 වන විට (වොෂින්ටන් වේලාවෙන් 18:00) සිය එකඟතාවය පලකළ යුතු බවත්, නොඑසේනම් ඔවුනට එරෙහිව පිය්වර ගන්නා බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අමාජ මාධ්‍ය පණිවිඩයේ සටහන් කරා ඇත .
ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් සැප්තැම්බර් 30 වන සඳුදා සඳුදා ධවල මන්දිරයේදී පලස්තීන ඊශ්‍රායල් අර්බුදය නිමාකිරීම සඳහා කරුණු 20 කින් සමන්විත සැලැස්මක් නිවේදනය කරන ලදි . එහි ප්‍රධාන කරුණු ලෙස හමාස් ග්‍රහණයේ සිටිනා ඊශ්‍රයල් ප්‍රාණ ඇපකරුවන් සහ ඊශ්රාලයය රඳවාගෙන සිටිනා ගාසා වැසියන් ගැන සඳහන් වෙයි .
1 හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ජීවත්ව සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු සහ මිය ගිය බවට සැලකෙන ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් 72 පැයක් ඇතුළත නිදහස් කිරීම.
2 ඊට ප්‍රතිචාර වශයෙන් රඳවාගෙන සිටින ගාසා වැසියන් සිය ගණනක් හුවමාරු කිරීම. යන කොන්දේසි දෙක ඇමරිකාව විසින් පනව ඇති අතර හමාස් සංවිධානය ඊට මේවන තුරුත් එකඟතාවය පලකර නැත .
මෙය සාමය සඳහ වන අවසන් නිවේදනය නව ඇමරිකනු ජනාධිපතිවරයා පවසයි .මෙම අවසාන අවස්ථාවේ එකඟතාවට එළඹීමට නොහැකි වුවහොත්, හමාස්වරුන්ට ඉතිහාසයේ මෙතෙක් අත්විඳ නැති දරුණු ප්‍රහාරයකට මුහුන දීමට සිදුවනු ඇති බව ඇමරිකානු ජනාධිපති පවසයි . එමගින් ස්ථිරලෙසම හමාස් සංවිධානය විනාශව යනු ඇති බවත් මැද පෙරදිගට සාමය ලැබෙනු ඇති බවත් එහි සඳහන් වෙයි .
මේවන විටත් අරාබි සහ තුර්කි මැදිහත්කරුවන් මෙම යෝජනාවට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීම සඳහා හමාස් සංවිධානයට බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ. යම් හෙයකින් ඔවුන් ඊට එකඟ නොවන්නේනම් ඉදිරියේදී කලාපීය වශයෙන් හමාස්වරුනට ලැබෙමින් පවතින සහය අහිමිවීමට ඉඩ ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
මැදිහත්කර රාජ්‍යන් ගාසා තීරයේ සිටින හමාස් හමුදා අංශයේ ප්‍රධානියා සමඟ සම්බන්ධ වී ඇතත්, ඔහු නව ඇමරිකානු සටන් විරාම සැලැස්මට එකඟ නොවන බවට ඇඟවීමක් කර ඇත. එහෙත් කටාර්හි සිටින හමාස්හි දේශපාලන නායකත්වයේ සාමාජිකයින් සැලකිවයුතු ප්‍රමාණයක් යම් සංශෝධන සහිතව සැලැස්ම පිළිගැනීමට සූදානමින් සිටිනාබව වාර්තා වේ.
එහෙත් ඇමරිකාවේ ප්‍රධාන ඉල්ලීම වන ප්‍රාණ ඇපකරුවන් සිටිනුයේ හමාස් සන්නද්ධ අංශය භාරයේ බැවින් ඔවුන්ට ඇමරිකානු කොන්දේසි ඉටුකිරීම ගැන කළහැකි බලපෑම අවම බව විදෙස් මාධ්‍ය පවසයි .
සටන් විරාමයේ පළමු පැය 72 ඇතුළත සියලුම ප්‍රාණ ඇපකරුවන් භාර දීමට හමාස් සංවිධනය එකඟ වුවහොත් එමගින් ඔවුනට මදපෙරදිග අර්බුදයේදී කේවල් කිරීම සඳහා ඇති එකම සාධකය අහිමිවනු ඇත . වර්තමානයේ පලස්තීන භූමියේ ප්‍රාණ ඇපකරුවන් 48 දෙනෙකු තවමත් රඳවාගෙන සිටින බවට විශ්වාස කෙරෙන අතර, ඉන් 20 දෙනෙකු පමණක් ජීවත්ව සිටින බවට සැලකේ.
සාම සැලැස්මට අනුව, හමාස් සංවිධානයට ගාසා තීරය පාලනය කිරීමේ කිසිදු භූමිකාවක් නොලැබෙන අතර, අවසානයේදී පලස්තීන රාජ්‍යයක් සඳහා දොරටු විවෘත වේ. කෙසේ වෙතත්, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම නිවේදනයෙන් කෙටි කලකට පසු වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ පලස්තීන රාජ්‍යයකට තම පාර්ශවය දිගුකාලීනව දක්වන විරෝධය ඉදිරියේදීද නොවෙනස්ව පවතින බවය .
හමාස්වරු මෙම සැලැස්ම පිළිගත් පසු සම්පූර්ණ ආධාර ගාසා තීරයට යවීමට නියමිතය. ගාසා තීරයේ අනාගත පාලනය සඳහා වන සැලැස්ම අනුව, “Board of Peace” ලෙස නම් කරන ලද ජාත්‍යන්තර සංක්‍රාන්ති ආයතනයක අධීක්ෂණය යටතේ “තාක්ෂණික, අපක්ෂපාතී පලස්තීන කමිටුවක්” තාවකාලිකව පාලනය කරනු ඇති අතර, එහි ප්‍රධානියා ලෙස ට්‍රම්ප් කටයුතු කිරීමට නියමිතය .
හමාස් සංවිධානය සැලැස්මකට එකඟ නොවන්නේ නම්, ඊශ්‍රායලයට හමාස් තර්ජනය විනාශ කිරීමේ කාර්යය අවසන් කිරීමට ඇමරිකානු සහාය හිමිවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත නැවතත් අවධාරණය කරයි . මේ පිළිබඳව සිය අදහස් පලකරනා ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනුයේ හමාස්වරුන් මෙම සාම සැලැස්ම ප්‍රතික්ෂේප කළහොත් ඊශ්‍රායලය කාර්යය අවසන් කරන බවයි.
2023 ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ මෙහෙයුමක් ආරම්භ කළ අතර, එහිදී පුද්ගලයන් 1,200 ක් පමණ මිය ගොස් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබේ.
ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එතැන් සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් 66,288 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු අඟවා ඇත්තේ, හමාස්ට එරෙහි ප්‍රහාරයේදී නගරයේ රැඳී සිටින අය “ත්රස්තවාදීන් සහ ත්රස්තවාදයට සහාය දක්වන්නන්” ලෙස සලකනු ලබන බවයි.