ඇතිවෙන්න සහල් තියනවා , මිල වැඩිකරන්න එපා

රටේ ප්‍රමාණවත් තරම් සහල් තොග ඇති බැවින් අලුත් අවුරුදු සමය සඳහා සහල් මිල වැඩි කිරීමට කිසිදු හේතුවක් නොමැති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි .

සිදුවෙමින් පවතින සහල් මිල ඉහළ යාම ගැන නියෝජ්‍ය අමත්‍යවරයා මෙසේ මාධ්‍යට අදහස් දැක්වීය.

“අප සතුව අතිරික්ත නාඩු සහල් තොග තියනවා. කීරි සම්බා සම්බන්ධයෙන් පමණක් සුළු ගැටළුවක් මතුවෙලා තියනවා . නමුත් සැපයුම කළමනාකරණය කිරීමට පියවර ගෙන තිබෙනවා . ඒ නිසා මේ මිල ඉහළ යාම ප්‍රවාහන හා ඉන්ධන පිරිවැය ඉහළ යාම මත සිදුවන දෙයක් විය යුතුයි ”