ආසියාවේ රටවල් තුනකට මානව හිමිකම් චෝදනා

පාකිස්තානය, චීනය සහ මියන්මාරයේ මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් රැසක් වාර්තා වන බව අමෙරිකාව විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක් පිළිබඳ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක අවධානය යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නීතිවිරෝධීව සහ අත්තනෝමතිකව පුද්ගලයන් පැහැර ගෙන යෑම්, ඝාතනය කිරීම් සහ මාධ්‍ය නිදහසට බාධා කිරීම් ඇතුළු චෝදනා රැසක් පාකිස්තානයට එල්ල වී ඇත.

එමෙන්ම දැරියන්ට සහ තරුණියන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහෝසි කිරීම සම්බන්ධව ඇෆ්ගනිස්තානයට ද බරපතළ චෝදනා එල්ල වී ඇත.

චීනයේ ෂිංජියැන් ප්‍රාන්තයේ උයිගර් මුස්ලිම් ප්‍රජාවට සිදුවන විවිධ හිංසනයන් මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නිරතවන බවට චෝදනා කරමින් එම ප්‍රාන්තයේ පුද්ගලයන් දහස් ගණනක් කිසිදු නඩු විභාගයකින් තොරව වසර කිහිපයක් පුරා රඳවා තබාගැනීම සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල අවධානය යොමු විය යුතු බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

හමුදාව යටතේ පාලනය වන මියන්මාරයේ සිවිල් වැසියන් ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීම් සහ රඳවා තබාගැනීම් පසුගිය කාලය තුළ ඉහළ ගොස් ඇතැයි ද එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *