සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
සහල් අතිරික්තයක් අපේක්ෂා කළ ද පවතින වියළි කාලගුණය ඊට බාධා වී ඇති නමුත් විශාල වශයෙන් සහල් අස්වනු අඩුවීමක් සිදුනොවන බව ඔහු පැවසීය .
උඩවලව ජලාශයේ ජලය විශාල ලෙස අඩුවීමත් සමඟ කුඹුරු රැසක් අවදානම් තත්ත්වයට පත්ව ඇති නමුත් ගොවියන්ගේ කුඹුරු සඳහා හැකි උපරිම සහනයක් සැලසීමට පියවර ගන්නා බවත් වන්දි ගෙවීම නොව ජලය සැපයීම ප්‍රධාන අරමුණ යැයි අමාත්‍යවරයා කීවේය.
කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කුණ්ඩසාලේ කෘෂීකර්ම විද්‍යාලයට වසර 75ක් පිරීම නිමිත්තෙන් අද එම විද්‍යාලයේ පැවැති සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.