ආණ්ඩුව අපිව රැවැට්ටුවා.

වතුකරයේ දෙමළ ජනතාවට ඉඩම් සහ නිවාස ලබා දෙන බවට පම්පෝරි ගසනා ආණ්ඩුව වතුකරයේ ජනයා විශාල රැවටීමකට ලක්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අවසානයේ එය මනමාල යුවළ නැති මගුල් ගෙදරක් වැනි උත්සවයක් වූ බවයි.

ආණ්ඩුව වතුකරයේ ජනතාවට ලබා දුන්නේ ඉඩම් ඔප්පු නොව කිසිදු වටිනාමක් නොමැති හිස් කොළ කැබැල්ලක් බව ඔහු පවසයි . වතුකරයේ කිසිවෙකුටත් ඉඩම් හෝ නිවාස හෝ නොලැබුණු බව ඔහු පවසයි . ඇමතිවරුන් ජනතාව රැවටීම සඳහා ජනාධිපතිවරයාද මෙම උත්සවලට රැගෙන යමින් මංමුලා කරන බවට ද මනෝ ගනේෂන් වැඩි දුරටත් පැවසීය.