අළුත් ව්‍යවස්ථාවක් සඳහා වන කථිකාවට අගමැතිණිය සමග හිටපු ජනාධිපතිවරුත් එක්වෙති .

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට නව අත්දැකීමක් එක් කරමින් ආදර්ශ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම උදෙසා වන සංවාද කථිකාවක් හෙට (3) දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි .

විද්වත් මඬුල්ලක සහභාගිත්යෙන් ආරම්භවන මෙම සමාරම්භක සංවාද කතිකාව සඳහා ආණ්ඩු පක්ෂයද ඇතුළු ,විපක්ෂ දේශපාලන පක්ෂ ගණනාවක සහ සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක්ද සහභාගීවීමට නියමිතය.

මීට සහභාගිවීම සඳහා ඇරයුම් ලබා ඇති දේශපාලන නායකයන් අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, සහ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ඝෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහද වෙයි .

මහාචාර්ය දීපිකා උඩගම මෙම සංවාද කතිකාවෙහි ප්‍රධාන දේශනය සිදු කරනු ලබයි . ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ආචාර්ය කුමාර් වඩිවේල් ගුරුපරන්, හිටපු පාර්ලිවම්න්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ නිශාම් කාරියප්පර්, ආචාර්ය රමේෂ් රාමසාමි සෙසු කථිකයෝ වෙති . වැඩසටහන මෙහෙයවනු ලබන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය කලන සේනාරත්න විසිනි .

One Text Initiative ආයතනය සංවිධානය කරනා මෙම වැඩසටහන නිමාකිරීමට නියමිතය . ඒ අනුව 2027 ජනවාරි වන විට ආදර්ශ ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට නියමිතය.