අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස රංග දිසානායක පත් කිරීමේ ක්‍රමවේදය නිසි ආකාරයෙන් සිදු නොකිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවට වන පැමිණිල්ලක් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් අද උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම වරප්‍රසාද ප්‍රශ්ණය මෙසේය.
අල්ලස් හෝ දූෂණ කොමිසමේ වත්මන් අධ්‍යක්ෂජනරාල්වරයා තෝරා ගැනීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් 2024 – 10- 13 සහ 14 යන දිනවල පුවත්පත් දැන්වීම් පළ කර තිබෙනවා. පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව විසින් ඉදිරිපත්වී ඇති අයදුම්පත් අතරින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක, සහ ඉරේෂා සුභාෂිනී සිරිවර්ධන අය තිදෙනාගේ නම් ජනාධිපතිවරයා වෙත යැවීමට තෝරාගෙ තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අපේක්ෂකයින් වෙත ලබාදී ඇති නිර්දේශ සලකා බැලීමේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර හිටපු මහාධිකරණ විනිසුරු වසන්ත විමලසිරි ජිනදාසගේ සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර හිටපු මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්නගේ නිර්දේශ පිළිබද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
විශේෂමෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් බැවින්, ආණ්ඩුකාර තනතුර දේශපාලන තනතුරක් බැවින් එම නිර්දේශ කිරීම දේශපාලන මැදිහත්වීමක් සේ සලකා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබෙනවා. මහාධිකරණ විනිසුරු රංග දිසානායකට ලබාදී ඇති නිර්දේශ ලබාදී ඇත්තේ එම ආණ්ඩුකාරවරුන්ගේ නිල ලිපි ශීර්ශවලින්. එබැවින් එය දේශපාලන පත්වීම් ලද පුද්ගලයින් විසින් කළ නිර්දේශ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
මේ කාරණය පිළිබද සාකච්ඡා කළ පළමු දිනයේදී, එනම් ජනවාරි 3 වැනිදා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිීරණයක් ගත්තා. 1, 2, 3 ලෙස නම් ඉදිරිපත්වී තිදෙනාගේ නම් නිර්දේශයක් ලෙස ජනාධිපතිවරයා වෙත යැවීමට තීන්දු කර තිබෙනවා. ඉන් පසුව 2025 ජනවාරි 7 වැනි දින නැවත ආණඩුක්රම ව්‍යවස්ථාව රැස්වී නීතිපතිවරයා කතානායකවරයා වෙත ඡන්දයක් පවත්වා හෝ තීන්දුවක් ගන්නා ලෙස දැනුම්දී තිබෙනවා. ඒ අනුව මේ ක්‍රියාදාමය පිළිබද සාකච්ඡා කිරීමේදී බිමල් රත්නායක සඳහන් කර ඇත්තේ ආණ්ඩුකාරවරුන් අත්සන් කරන වේලාවේ ඔවුන් විශ්‍රාමික විනිසුරුවරුන් මිස ආණ්ඩුවේ දේශපාලන පත්වීම් නොවන බව.
එය විශ්වාස එරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාමාජික මහාචාර්ය දිනේෂා සමරරත්න විසින්, මහාධිකරණ විනිසුරු රංග දිසානායකට සිය ඡන්දය භාවිතා කර තිබෙනවා. නමුත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ ගැසට් නිවේදනය 2024 – 9 – 27 වැනි දින ප්‍රසිද්ධියට පත් කර ඇති අතර ඔවුන් විසින් රංග දිසානායකගේ නම යෝජනා කර ඇත්තේ ආණ්ඩුකාරවරුන් ලෙස පත් කිරීමෙන් පසුව බව දැනගත් විට මහාචාර්ය සමරරත්න විසින් කතානාවරයා වෙත දිවුරුම් ප්‍රකාශයක් ඊමේල් මගින් යොමු කර තිබෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ තත්වය ගැන ඇයගේ විරෝධය දක්වා තිබෙනවා.
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව පාර්ලිමේන්තු කාරක සභාවක් රැවටීමේ අරමුණින් ව්‍යාජ තොරතුරු සැපයීම වරදක්. සභානායක බිමල් රත්නායක විසින් හිතා මතා එම වරද සිදුකර තිබෙනවා.
මේ වරදම කතානායකවරයා විසින් සිදු කර තිබෙනවා. පාර්ලිමේනත්ුවේ ප්‍රධානියා ලෙසත්, සභානායකවරයා ලෙසත් ඔවුන් දෙදෙනාම සමස්ත පාර්ලිමේන්තුවේ ගෞරවයට බලවත් හානියක් සිදු කර තිබෙනවා. එම තත්වය මත සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති නිසා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට මෙය යොමු කරන ලෙසත් පැහැදිළි කිරීමක් කතානාවරයා කළ යුතු වෙනවා.