අම්බලන්ගොඩ නගර සභාව අසල අද (04) උදෑසන සිදුවූ වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා බලපිටිය රෝහලේදි ඇති බව වාර්තා වේ . මෙලෙස මිය ගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකල්ලි නායක කරන්දෙණියේ සුද්දා නැමැත්තාගේ මස්සිනා බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
අද උදෑසන 10.30ට පමණ මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් මියගිය තැනැත්තා ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත . තුවාල ලද පුද්ගලයා වහා රෝහල් ගතකළද ප්‍රතිකාර ලබමින් සීයදී ඔහු මියගොස් ඇත.