හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පසුගිය අරගල සමයේදී පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් දොළොස් දෙනෙකු එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
ගම්පහ මහාධිකරණය මගින් ඊයේ (11) මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, වරදකරුවන් වූවන්ගේ ඥාතීන් ජනාධිපති සමාවක් ලබා ගැනීම හෝ ඉදිරි පියවර පිළිබඳව කරුණු තම නීතිඥවරුන්ගෙන් විමසා ඇත.
එහිදී නීතිඥවරුන් පෙන්වා දී ඇත්තේ ජනාධිපති සමාව සඳහා ඉල්ලුම් කිරීමට පෙර පවතින නීතිමය අවස්ථාව වන්නේ මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීම බවයි.
ජනාධිපති සමාවක් ඉල්ලා සිටීම ඊළග පියවරක් ලෙස සුදුසු බවත් නීතීඥයන් පෙන්වා දී ඇත.
ඒ අනුව, පළමු පියවර ලෙස නුදුරේදීම මෙම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්ති පාර්ශ්වය මේ වන විට කටයුතු කරමින් සිටියි.