“අපි කවුරු ද” වැනි ගීත ගයන්න බටගොඩට තවදුරටත් තහනම්

ගීත 7ක් ගායනා කිරීම වාරණය කරමින් සේනක බටගොඩ මහතාට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණය විසින් නිකුත් කර තිබු වාරණ නියෝගය නැවතත් දීර්ඝ කර තිබෙනවා.

නඩුව අද(30) කැදවීමෙන් අනතුරුව ජුනි 18 දා දක්වා එම වාරණ නියෝගය දීර්ඝ කර තිබෙනවා.

වාරණ නියෝගය මගින් සේනක බටගොඩට මහතාට “අපි කවුරු ද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පනක් තියෙනවා, හොදම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත ගායනය වාරණයට ලක් කළා.

එම ගීත වල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක මහතා විසින් මෙම නඩුව සේනක බටගොඩ මහතාට එරෙහිව ගොනු කරමින් වාරණ ආඥාවක් ලබා ගනු ලැබුවා.

එළඹෙන ජුනි 18 දින නැවත මෙම නඩුව කැඳවීමට ගරු වානිජ මහාධිකරණය නියෝග කරනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!