අනුරාධපුර වෛද්‍යවරිය සම්බන්ධ සිදුවීම. හිටපු යුධ සෙබළා ඇපමත මුදාහරී.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතල ලෙස දූෂණය කිරීමේ සිදුවීමට සැකපිට අත් අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළා ඇප මත මුදා හැ‍රීමට අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය නියෝගකර ඇත . එම සිදුවීමට අදාලව අත් අඩංගුවට ගත් සැකකරු මාස හතකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය .
මෙසේ දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණේ, ගල්නෑව නව නගරය, ඩී තුන, ඇළ පාර ලිපිනයේ පදිංචි කේ. බී. මධුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළෙකි .

සැකකරුට රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග ක ඇත.ම් ඊට අමතරව මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලද්දේ එක් ඇපකරුවකු සැකකරුගේ ළඟම පවුලේ ඥාතියකු විය යුතු බවයි.

මෙම දූෂණ සිද්ධියට අදාළව සැකකරුට ඇප ලැබුණද, ඔහු ජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධ තවත් සිද්ධියක් හේතුවෙන් ඔහු තවදුරටත් රක්ෂිත භාරයේ පසුවෙයි .