තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අඛණ්ඩ නිහඩ විරෝධතාවක් ආරම්භ කර ඇතිබව වාර්තා වේ.
06 ශ්‍රේණිය දෙමාපිය එකමුතුව ලෙස සංවිධානය වු මව්පියන් පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කර ඇත . එම නිහඩ විරෝධතාව අද (19) පෙරවරුවේ සිට ආරම්භ කළ බව අප වාර්තා කරුවෝ පවසති .
මීට අමතරව පොලොන්නරුව සහ ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා විරෝධතා සංවිධානය කර ඇතිබව වාර්තා වේ .
කෙසේවෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පවතින ගැටලුව සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැතිව එම දෙමාපියන් විරෝධතාවයේ නිරතව සිටින බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව පැවසීය ..
එමෙන්ම මේ පිළිබඳව අදහස් දක්වමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පැවසුවේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඇතිවු ගැටලු නිවැරදි කර ගනිමින් නව සංශෝධන හරහා ඉදිරියට ගෙන යා යුතු බවයි.