අද ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි

අද (10) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!