අදත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩිතද වැසි

පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ පළාත්වලට අද (14) ප.ව. 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණ, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩිතද වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!