අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (08දා) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වර්තමාන අතිරේක ලේකම්වරිය ඇප මත මුදාහැර තිබේ .
අත්අඩංගුවට පත්වූ සැකකාර රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි නම් ඇය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මෙලෙස ඇප මත මුදාහැර ඇත.
මහවැලි අධිකාරිය සතු ඉඩමක් සම්බන්ධයෙන් සිදු වූ බවට සැකකෙරෙන වන්දි වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් වන්දි ගෙවීමේ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකාරිය දැනට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ලෙස සේවය කරන අතර ඊයේ උදෑසන අත්අඩංගුවට ගැනිණි.
2022 ‘අරගලය’ විරෝධතාවයේදී හානි වූ මහවැලි අධිකාරියේ දේපළක් වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රියාවලියේදී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සමඟ වංචාවක් සිදු කළ බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.