EPF සහ ETF අහෝසිකර විශ්‍රාම වැටුපක් දෙනවාද කම්කරු අමාත්‍යවරයා පිළිතුරු දෙයි

සේවක අර්ථසාධක අරමුදල සහ සේව නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල අහෝසි කර ඒ වෙනුවට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය කිසිම තීරණයක් ගෙන නැති බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පැවසීය .

මෙම මුදල් මහජනතාවගේ මුදල්වන බවත්, ඔවුන්ට විශ්‍රාම ගිය පසු කිසිදු බාධාවකින් තොරව එම මුදල් ලබා ගත හැකි බවත් ඔහු සඳහන් කළේය . සේවක අර්ථ සාධක අරමුදල විශ්‍රාම වැටුපක් බවට පත්කරනා බවට පැතිර යන ආරංචිය පිළිබඳව අද (09) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මෙම මුදලින් 30%ක පමණ ප්‍රමාණයක් හදිසි අවශ්‍යතාවයන් සඳහා ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

එහිදී ඔහු සඳහන් කළේ සිය ආණ්ඩුව කිසිදු පුද්ගලයෙකුගේ ප්‍රතිලාභයක් කප්පාදු කිරීමට ක්‍රියා නොකරන බවත්, තව තවත් ප්‍රතිලාභ ලබා දීම උදෙසා පමණක් කටයුතු කරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මෙසෙ පැවසීය.

”විශ්‍රාම වැටුපක් අපිට ලබා ගන්න පුලුවන් නම් හොඳයි. මේ ගැන සමාජයේ කතාවක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුවෙන් කිසිදු තීරණයක් අරගෙන නෑ මේ EPF එකේ තියන මුදල් විශ්‍රාම වැටුපකට හරවලා ඒ තනි දීමනාව වෙනුවට විශ්‍රාම වැටුප් ගෙවනවා කියලා”