ලින්ක් එක ඉවත්කර ඒ මොඩියුල් එකම නැවත භාවිතා කරනවා

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇත්තේ යහළුවන් ඇතිකර ගැනීම සඳහා යොදාගත හැකි සබැඳියාවක් ( ලින්ක් එකක්) බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසයි .

ගැටළුව තිබුණේ එම සබැඳියාවේ බැවින් එය ඉවත් කර එම මොඩියුලයම නැවත පාවිච්චි කර ගැනීමේ හැකියාව ඇති බවද ඔහු පවසයි .

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගනු ඇති බවත්, මෙම මොඩියුලයම නිවැරදි කළ නැවත භාවිත කළහොත් අමතර වියදමක් සිදු නොවන බවත් ඔහු පෙන්වාදෙයි .