Vlogger Nas Daily ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය සඳහා ගිවිසුමකට අත්සන් තබයි

‘නාස් ඩේලි’ බැනරය යටතේ අන්තර්ජාල නිර්මාණකාරණයේ යෙදෙනා කරන අරාබි-ඊශ්‍රායල ව්ලොගර් නුසෙයිර් යසින් සමග ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ ගිවිසුමකට අත්සන් තැබූ බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

ඒ අනුව නුසෙයිර් යසින් ශ්‍රී ලංකාව සංචාරක හා ආයෝජන සඳහා ප්‍රවර්ධනය අරමුණුකරගත් වීඩියෝ තුනක් නිර්මාණය කිරීමට නියමිතය . මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණය යටතේ මෙම කටයුත්ත සිදුවන බවත් ඊට අදාල කැබිනට් අනුමැතිය ලැබී ඇතිබවත් අමාත්‍යවරයා පවසයි .

‘නාස් ඩේලි’ සන්නාමය යටතේ, නුසෙයිර් යසින් ශ්‍රී ලංකාව සඳහා තේමා තුනක් මත වීඩියෝ තුනක් නිර්මාණය කිටිමට නියමිතය ‘ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නේ ඇයි?’, ‘ශ්‍රී ලංකාවේ පිස්සුම දුම්රිය ගමන’ සහ ‘ශ්‍රී ලංකාවේ දිය ඇලි’ එම තේමවන් ය. මීට පෙරද ඔහු ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ හතරක් නිර්මාණය කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!