ගැටලු කිහිපයක් මුල් කරගෙන අද (27) සිට ලබන (30) දක්වා දින 04ක් පුරාවට සියලුම රාජකාරිවලින් ඉවත් වීමට කටයුතු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
වසර 61ක් සපිරෙන ග්‍රාම නිලධාරී සේවා ඉතිහාසයේ මෙසේ සියලුම රාජකාරිවලින් ඉවත්වන පළමු අවස්ථාව මෙය වන බවයි එම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරන්නේ.
ඒ අනූව ලබන 30 වැනිදා සවස රැස්වන වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි එම සන්ධානය පවසන්නේ.
මීට පෙර එම වෘත්තීය සමිති සන්ධානය පවසා තිබුණේ දින දෙකක් සේවාවලින් ඉවත්වී වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.
ග්‍රාම නිලධාරී දීමනා ගැටලු විසඳීම,ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති ඉදිරිපත් යෝජනාවලට අනුව සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම, නිලධාරීන්ගේ තනි කැමැත්තට සකස් කර තිබෙන සේවා ව්‍යවස්ථාව ඉවත් කිරීම, යන ඉල්ලීම් ඉල්ලා මෙම ක්‍රියා මාර්ගය සිදුකරන බවයි එම වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ.