කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන්, රසායනික, ජීවවිද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික (CBRN) ආපදා තත්වයන් සඳහා වන සූදානම වැඩි දියුණු කිරීම සඳහා දෙසැම්බර් 3 වැනිදා සිට -5 වැනිදා දක්වා තෙදින කලාපීය වැඩමුළුවක් පවත්වන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය, ඉන්දියාව සහඑක්සත් ජනපදය යන රටවලින් සහභාගී වූවන් 40 දෙනෙකු එක්ව ජීවිත බේරා ගැනීම, පරිසරය ආරක්ෂා කිරීම සහ හදිසි ආපදා අවස්ථාවලදී සිදුවන හානි අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.
උප කලාපීය CBRN ප්‍රතිචාර සහ සහායක වැඩමුළුව වන ,”SR2 ශ්‍රී ලංකා”, හදිසි ආපදා අවස්ථා වලදී අවශ්‍ය වනසහයෝගීතාවය සහ සම්බන්ධීකරණය සිදුකිරීම සම්බන්ධව අවධාරණය කරන ලදී. සුරක්ෂිතභාවය, ආරක්‍ෂාව, සෞඛ්‍ය, පාරිසරිකආරක්‍ෂාව, ආපදා කළමනාකරණය සහ ජාත්‍යන්තර කටයුතු අංශවල විශේෂඥයන් සිය අත්දැකීම් බෙදාගත් අතර කලාපීය CBRN හදිසිප්‍රතිචාරයන් අනුකරණය කරමින් ප්‍රායෝගික අභ්‍යාසයකට සහභාගි වූහ.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ආරක්‍ෂක හා න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළක්වීමේ කාර්යාංශයේ රෝයි බැරන්මහතා: “දැඩි අර්බුදකාරී කාලවලදී, කලාපීය සහයෝගීතාවය සහ කාලෝචිත තොරතුරු බෙදාගැනීම ඵලදායී හා වේගවත් ප්‍රතිචාරයක්සඳහා ඉතා වැදගත් වේ. කලාපයේ ඇතිවන ඕනෑම CBRN සිදුවීමකට ප්‍රතිචාර දැක්විය හැකි බව සහතික කිරීම ඇතුළුව – අපගේජනතාවගේ ජීවිත සුරැකීමට, අපගේ ආර්ථිකයන් පවත්වා ගැනීමට සහ අපගේ ජීවන රටාව ආරක්ෂා කිරීමට අපි සෑම අවස්ථාවක් සඳහාමසූදානම් විය යුතුය.” යනුවෙන් ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්,මේජර් ජෙනරාල් එච්.එම්.යූ. හේරත් (විශ්‍රාමික) මහතා CBRN අවදානමේ අදාළත්වය සහ ඒ සඳහා සුදානම් වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇති කැපවීම යන කරුණු දෙකම අවධාරණය කරමින්,
“ශ්‍රී ලංකාවේ විවිධ නිෂ්පාදන කර්මාන්තවල සහ වෛද්‍ය ආයතනවල විවිධ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික සහපුපුරණ ද්‍රව්‍ය කාරක (CBRNE) භාවිතා කරන අතර ඒ ආශ්‍රිත සිදුවීම් ත්‍රස්තවාදී ක්‍රියා පමණක් නොව ස්වාභාවික උපද්‍රව මගින්හටගන්නා තාක්ෂණික අනතුරු විය හැකිය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව CBRNE හිආපදා අවදානම් අවම කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එහි පවතින වාසි අවාසි,ඒ සඳහා ඇති වර්ධන අවස්ථා සහ තර්ජන හඳුනාගැනීම සඳහා අදාළ පාර්ශවකරුවන්ගේ ආයතන සහ විශ්ලේෂණ ශිල්පීය ක්‍රම සමඟ ජාතික මට්ටමේවේදිකාවක් ස්ථාපිත කර ඇත.” යනුවෙන් පැවසුවේය.
CBRN ආපදා තත්වයන්ට සුදානම් වන ආකාරය සඳහා වන ආයෝජනය කිරීමේ අවශ්‍යතාවය,බරපතළ අර්බුදයකට ප්‍රතිචාර දැක්වීමසඳහා වන අඛණ්ඩ අභ්‍යාසවල වැදගත්කම සහ කලාපීය හවුල්කරුවන් සමඟ එක්ව වැඩ කිරීමේ වටිනාකම, මෙම වැඩමුළුවේදීඅවධාරණය කෙරිණි. සහභාගී වන ජාතීන්ගේ ප්‍රතිචාර හැකියාවන් සහ දුර්වලතා මත පදනම්ව අනාගත කලාපීය සහයෝගීතාව සඳහාවිභවතාවක් දක්වන ක්ෂේත්‍ර ගවේෂණය කිරීමට ද සහභාගිවන්නන් දිරිමත් කරන ලදී.
මෙම වැඩමුළුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ආරක්‍ෂක හා න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළක්වීමේ කාර්යාංශයේපිහිටුවා ඇති සමූල ඝාතක අවි භාවිතයෙන් සිදුවන ත්‍රස්තවාදය සම්බන්ධ කාර්යාලය විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් මාලාවකකොටසක් වන අතර ගෝලීයව වැඩි වශයෙන් සිදුවන CBRN අවි භාවිතය සහ ආරක්ෂා කිරීමට එරෙහිව ජාත්‍යන්තර සහයෝගීතාවවැඩි දියුණු කිරීමට සැලසුම් කර ඇත.