නොවූ විරූ ලෙස වැඩි වුණු ඡන්ද ඔට්ටු

මෙවර ජනාධිපතිවරණය තීරණාත්මක ඡන්දයක් වීම නිසාවෙන් ඡන්ද ඔට්ටු ඇල්ලීමද අසීමිත ලෙස වැඩි වී ඇති බව වාර්තා වනවා.

ඇතැම් පුද්ගලයින් ගේදොර , ඉඩකඩම්, යාන වාහන වැනි කෝටි ගණනක් වටිනා දේපල ඔට්ටු අල්ලා තිබෙනවා.

තවත් බොහෝඅ දෙනා , ඔට්ටුව පැරදුනහොත් සිය කොණ්ඩය බූ ගෑම , මහ මඟ පැය ගණ්නක් හිටගෙන සිටීම ආදි වශයෙන්ද ඔට්ටු අල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

විවිධ තරාතිරම්වල , විවිධ රැකියා මට්ටම්වල පුද්ගලයින් මෙලෙස ඔට්ටු අල්ලා ඇති අතර වනවා.

ඇතැම් පුද්ගලයින් නීතිඥවරුන් ඉදිරියේද අත්සන් කරමින් ඔට්ටු තබා තිබෙනවා.

මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ ඔට්ටු ඇල්ලීම සිය පෞද්ගලික කාරණාවක් බැවින් එය මැතිවරණයට බාධාවක් නොවන බවයි.