බෙංගාලයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි – 5ක් ජීවිතක්ෂයට

Kanchanjungha බෙංගාලයේ දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මගී දුම්රියක ගැටීමෙන් පස් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෛද්‍යවරුන්, ගිලන් රථ සහ ආපදා කණ්ඩායම් ගලවා ගැනීම සඳහා සහ වෛද්‍ය ආධාර ලබාදීම සඳහා එම ස්ථානයට යුහුසුළුව පැමිණ ඇති බව වාර්තා වනවා.

බටහිර බෙංගාලයේ නිව් ජල්පයිගුරි දුම්රිය ස්ථානය අසලදී භාණ්ඩ දුම්රියක ගැටීමෙන් අද (17) සීල්ඩා බලා යන කන්චන්ජුන්ගා සීඝ්‍රගාමී දුම්රියේ පසුපස මැදිරි දෙකක් පීලි පැනීමකට ලක්වුණා.

අද පෙරවරු 8.45 ට පමණ නව ජල්පයිගුරි හන්දියට ඉදිරියෙන් කතිහාර් දුම්රිය කොට්ඨාශයේ රංගපානි ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!