පාවෙමින් ආ බෝතලයේ මත්පැන් ඇතැයි සිතා පානය කළ ධීවරයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එසේම තවත් ධීවරයින් සිව් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “ඩෙවෝන්” නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා ඇති බව සඳහන් වනවා.

ඊයේ (28) රාත්‍රියේ ඔවුන්ට මුහුදේ පාවෙමින් තිබු බෝතල් කිහිපයක් හමුවී ඇති අතර මත්පැන් බව සිතා ඔවුන් ඒවා පානය කර තිබෙනවා.

එහිදී ධීවරයින් 06 දෙනාම රෝගී තත්ත්වයට පත්වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඔස්සේ ඔවුන් දැනුම්දීමක් සිදුකර තිබු බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!