අබුඩාබි T10 ලීග් තරගාවලියේදී දුෂණ සිදුකළ බවට චෝදනා එල්ලවූ තිදෙනෙක්ට දඬුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
ඒ 2021 තරගාවලියේ දී සිදුකළ බවට සැක කෙරෙන දූෂණ හේතුවෙන් බවයි සඳහන් වන්නේ.
එහිදී වැරදිකරුවන් වී ඇත්තේ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වුණු අෂාර් සයිඩි, සහ එම කණ්ඩායමේ හිමිකරුවන් වුණු පරාග් සන්ගාවී සහ ක්‍රිෂාන් චවුද්රි යන තිදෙනායි.
ඔවුන් සිය වැරදි පිළිගත් බව ICC නිවේදනයෙහි දැක්වෙනවා.
ඒ අනුව අෂාර් සයිඩිට වසර 5ක ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර අනෙක් දෙදෙනාට වසර දෙක බැගින් ක්‍රිකට් තහනම් කර තිබුණා.
නමු එම දඬුවම් වලට අදාළ අවසන් වසරේ දඬුවම අත්හිටුවා තිබෙනවා.
දඬුවම 2023 වසරේ සැප්තැම්බර් මස 19 වනදා සිට ක්‍රියාත්මක බව ICCය නිවේදනය කර තිබුණා.
ඒ අනුව පරාග් සන්ගාවී සහ ක්‍රිෂාන් චවුද්රි ට 2024 සැප්තැම්බර් 19 වනදා සිටද සයිඩි ට 2027 සැප්තැම්බර් 19 වනදා සිටද ක්‍රිකට් ක්‍රීඩාව සමග සම්බන්ධ විය හැකියි.