පොල්තෙල් මිල ඉහළ දැමීමට සාධාරණ හේතුවක් නෑ -පොල් සංවර්ධන අධිකාරිය

වෙළෙඳපොළ තුළ පොල්තෙල් මිල ඉහළ දැමීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩි කිරීමක් සිදුකර නොමැති බවයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ.

මේ වසරේ මැයි මාසය වන විට පොල්තෙල් මෙට්‍රික් ටොන් 42,000ක් ආනයනය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමක් බව සඳහන් වනවා.

මෙරට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් තරම් පොල්තෙල් රට තුළ පවතින බැවින් පොල්තෙල් මිල ඉහළ දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව සභාපතිවරයා පවසනවා.

මේ අතර වෙළෙඳපොළේ පොල්තෙල් මිල පාලනය කිරීම සඳහා නව නියාමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!