තාර පාරේ ඔම්ලට් හදන්නත් රැල්ලක්

2024 වසරේ මෙතෙක් වාර්තා වුණු ඉහළම උෂ්ණත්වයක් වාර්තා වුණේ ඉන්දියාවෙන්.

අධික උණුසුම සමග පොරබදමින් තමයි ඉන්දියානුවන් මේ දිනවල ජීවත් වෙන්නේ.

විශේෂඥයන් මේ දේශගුණික විපර්යාසය ගැන විවිධ අදහස් පළ කර තිබෙනවා.

මේ උෂ්ණත්වය නිසා තෙහෙට්ටුව, විජලනය සහ තාප ආඝාතය වැනි සෞඛ්‍ය ගැටළු ඇති වීමට පවතින ඉඩකඩ අධිකයි.

කෙසේ වෙතත්, මේ කනස්සල්ල මැද හාස්‍යයජනක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පසුගිය දිනවල සංසරණය වුණා.

ඒ වීඩියෝවේ තියෙන්නේ කාන්තාවක් ගිනියම් රස්නය සහිත වෙලාවක වාහන ගමන් කරන මහා මාර්ගයක් මත ඔම්ලට් එකක් පිසීමට උත්සාහ කරන ආකාරය.

රතු ගවුමකින් සැරසීලා හිස් පළඳනාවක් පැළඳ ඉන්න ඒ කාන්තාව පාර අයිනේ හිඳගෙන පාර කොටසක් වතුරෙන් පිරිසුදු කරනවා.

ඉන්පස්සේ ඇයගේ හිසේ තිබුණු රෙදි කැබැල්ලෙන් ඇය මාර්ගය පිස දානවා.

අනතුරුව තෙල් වත් කර එය දෑතින් විහිදුවලා බිත්තර දෙකක් කඩා ඒ මතට දමනවා.

වීඩියෝවේ අවසානයට වෙන දේ නොපෙන්වුවත් ඒ වීඩියෝ පටයට මිලියන 8 ඉක්මවූ නැරඹුම් වාර සංඛ්‍යාවක් ලැබිලා තිබුණා.

පහතින් දැක්වෙන සබැඳිය හරහා අදාළ වීඩියෝව නරඹන්න.

https://www.instagram.com/reel/C6q8SO2I6ES/?utm_source=ig_web_copy_link

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!