පාසල් දැරියකට අමානුෂික ප්‍රහාර එල්ල කළ සුළු පියා අත්අඩංගුවට

නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන පුද්ගලයෙකු මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහර කෑමට ලක් වූ දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා යුද හමුදා සාමාජිකයෙකු බවත් එම දැරියගේ සුළු පියා බවත් අනාවරණ වී තිබෙනවා.

සැකකරුගේ විරුද්ධවාදීන් පිරිසක් සමග කතාබහ කර එම කරුණු සැකකරුට නොපවැසීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!