බ්‍රිතාන්‍ය මහා මැතිවරණය ඇරඹෙයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණය මේ වන විට පැවැත්වෙනවා

අද (04) පෙරවරු 7.00ට ආරම්භ වන ඡන්ද විමසීම රාත්‍රී 10.00 දක්වා පැවැත්වීමට නියමිත බවටයි විදෙස් මාධ්‍ය තොරතුරු පෙන්වා දෙන්නේ.

වාර්තා වන පරිදි මෙවර මිලියනකට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

පසුගිය මැයි 22 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් අග්‍රාමාත්‍ය රිෂී සුනක් මහතා විසින් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවස්ථාව ලබා දුන්නා.

මෙවර මැතිවරණය සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක් නියෝජනය කරමින් කන්සර්වේටිව් පක්ෂය ද විපක්ෂ නායක කීර් ස්ටාමර් නියෝජනය කරමින් කම්කරු පක්ෂය ද මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා.

මෙම මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 650ක් තෝරා ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!