බෝම්බයක් ඇතිබවට ලැබුණු තොරතුරක් නිසා උසාවියේ නඩු නතර වූ හැටි

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වනවා.

එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කර තිබෙනවා.

මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වන්නේ.

මේ අතර මහනුවර අධිකරණයේ නඩු කටයුතු ජුලි 16 වනදා දක්වා කල්දමා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!