ලෝක කුසලානයට හීන දකින සුපිරි කණ්ඩායම් හතර මෙන්න

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග අද (25) අවසන් වුණා. ඒ අනුව අවසන් පූර්ව වටය සඳහා මේ වන විට කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

ඒ ඉන්දීය කණ්ඩායම, එංගලන්ත කණ්ඩායම, දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ අෆ්ගනිස්තාන කණ්ඩායමයි.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව වටයේ පළමු තරගය එළඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව අවසන් පූර්ව වටයට තේරී පත් වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය අතර එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වනු ඇති.

එම තරගය මෙරට වේලාවෙන් උදෑසන 6.00ට ආරම්භ වෙනවා..

අවසන් පූර්ව වටයේ දෙවන තරගය එංගලන්ත සහ ඉන්දියව අතර පැවැත්වීමට නියමිත අතර එම තරගය ද එළඹෙන බ්‍රහස්පතින්දා මෙරට වේලාවෙන් රාත්‍රි 8.00ට ආරම්භ වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!