විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) උදෑසන 9.30ට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වුණා.

එහිදී කථානායකවරයා විසින් “ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන” පනත් කෙටුම්පතට සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව, වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැළපෙන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්වන අතර, ඒවා සම්මත කළ යුත්තේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් බව කතානායකවරයා පැවසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!