ජනවාරි පළමුවෙනිදා රාත්‍රියේ තුවාල සහිතව දෙහිවල පොලිසියට නොදුරු නීතීඥවරියකගේ නිවසේ මිදුලේ වැටී සිටියදී රෝහල්ගතකිරීමෙන් පසුව මියගිය පුද්ගලයාගේ මරණය සැක කටයුතු බව ඥාතීහු පවසති.
මෙලෙස මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . ඔහුගේ මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසියේ නිළධාරීන්ගේ හැසිරීම මුල සිටම සැකසහිත බව ඕවුහු පවසති.
ජනවාරි පලවෙනිදා රාත්‍රී 11 ට පමණ මෙම සිදුවීමට අදාල මුල්ම දුරකථන ඇමතුම දෙහිවල පොලිසියට ලැබී ඇත. ඒ නීතීඥවරියකගේ නිවසට නොදුරුව මාර්ගයේ ත්‍රී රෝද රථයක් නතර කර ඇති බවයි. ඒ අනුව එහි යන පොලිස් නිළධාරීන් එම රථය පොලිසියට ගෙනවිත් ඇත. එහි දුරකථනයක් තිබුනද ඊට ලැබී තිබූ ඇමතුම් පිරික්සා අයිතිකරු සොයාගන්නට කිසිදු උත්සහයක් ගෙන නැත. ත්‍රි රෝද රිය තිබූ ස්ථානය අවට විධිමත් පරික්ෂාවක්ද කර නැත.
ඉන් අනතුරුව එදින රාත්‍රී 1 ට පමණ ත්‍රි රෝද රිය තිබූ ස්ථනාය අසල පදිංචි නීතීඥවරියගේ නිවසින් 119 හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලබාදී ඇත. ඒ තම නිවසේ මිදුලේ පුද්ගලයෙක් වැටී සිටිනා බවටය. ඒ ඇමතුමට අනුව එහි යන පොලිස් නිළධරීන් එම පුද්ගලයා රෝහල් ගතකරන්නට කිසිම උත්සහයක් ගන්නේ නැත. අවම වශයෙන් ලේ ගලනා තුවාල සහිතව සිටි ඔහුට ප්‍රතමාධාර ලබාදිමටවත් උත්සහහ ගෙන නැත. මෙවැනි අවස්ථාවක 1919 ගිලන් රථ සේවාවට ඇමතුමක් දිම කුඩා දරුවෙක් පවා කරනා දෙයකි. ඒත් ඒ කිසිවක් සිදුව නැත.
අනතුරුව දෙවනදා උදෑසන 5 ට පමණ නීතීඥවරියගේ නිවසින් දෙහිවල පොලිසියට මේ බව දන්වා ඇත. අවසානයේ පොලිස් නිළධාරීන් උදැසන 7 ට පමණ මෙම පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. පවුලේ ඥාතීන් පවසනුයේ ඒ වනවිටත් ඔහු අඩවශයෙන් මියගොස් සිටිබව රෝහලේදී තමන්ට දැනගත හැකිවු බවය. අවසානයේ අද අළුයම ඔහු මිය ගියේය. පුදුමය නම් 2 වන දා දවස පුරාම මේ පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය කටයුතු නොකර තිබීමය. එමෙන්ම මෙම මරණය බිම ඇදවැටී හිස කොන්ක්‍රීට් පොළවේ ගැටීමෙන් සිදුවූ එකක් බව තමන්ට ඒත්තු ගැන්වීමට පොලිසිය උත්සහ ගත්බව පවුලේ සාමාජිකයෝ පවසති.
මියගිය පුද්ගලයාගේ බිරිඳ මාධ්‍යවේදිනියක් වීම නිසා පොලිසියට සිතූ තරම් පහසුවෙන් මගහැර යන්නට ලැබුනේ නැත. මේ වන විටත් පොලිස්පති නියමයෙන් පරික්ෂණ ආරම්භ වී ඇතිබව වාර්තාවේ . එහෙත් මේ දෙය සාමාන්‍ය පුද්ගලයෙකුට සිදුවූයේනම් හදිසි අනතුරකින් සිදුවූ මරණයක් ලෙස වාර්තා වීමට ඕනෑ තරම් ඉඩ තිබුනි.
මේ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.