ලාංකිකයන් 6ක් ‘එකම ගෙදර මැරූ හැටි’ හෙළිවේ

කැනඩාවේ ඔටාවා අගනුවර දී ලාංකික පවුලක්ම ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේ මව, දරුවන් සිව්දෙනා සහ ඔවුන් සමගම නිවසේ සිටි තවත් ලාංකිකයින් දෙදෙනෙක් සිට ඇති අතර
දරුවන්ගේ පියා නිවසට පැමිණෙන විට වෙනදා මෙන් නිවසේ විදුලි පහන් දල්වා තිබී නැති බවයි වාර්තා වන්නේ.

ඔහු නිවසට ඇතුළුවනවාත් සමගම කිසියම් කෙනෙකු පහරදී ඇති අතර තමාට පහරදුන්නේ තමන් සමග ජීවත් වූ ලාංකික සොයිසා ලෙස හඳුනාගත් විගස තම පවුලේ සාමාජිකයින් ගැන විමසා තිබෙනවා.

පසුව ඔහු අත තිබූ පිහිය ද උඳුරාගත් දරුවන්ගේ පියා ධනුෂ්ක නිවසින් පිටතට දිවගොස් ඇත්තේ තමන්ට උදව් කරන ලෙසට කෑගසමින්.

මෙහිදී ඝාතනය වී ඇත්තේ 35 හැවිරිදි මව වන දර්ශණී දිලන්තිකා ඒකනායක, 07 හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, 04 හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ සහ මාස 02ක් වයසැති කෙලී වික්‍රමසිංහ යන ඇගේ දරුවන් 04 දෙනා සහ 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නම් වික්‍රමසිංහ පවුලේ සමීපතමයෙකි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!