වසර 10කට පසුව එංගලන්ත ක්රිකට් කණ්ඩායම ටෙස්ට් තරගයකදී , එංගලන්තය තුළ දී පරාජයට පත් කළ ජයග්රාහී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද (12) දිවයිනට පැමිණියා.
ඔවුන් පැමිණ තිබුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන්යානයෙන්.
ගුවන් තොටුපොළේ දී අදහස් දක්වමින් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පැවසුවේ තමන් මෙම තරගාවලිය හොදින් නිමා කළ බවත් , මුල් ටෙස්ට් තරග දෙකේදී තම කණ්ඩායමට සුළු අඩුපාඩු කීපයක් නිසා ජයග්රහණය අහිමි වී ගිය බවයි.
එසේම එළඹෙන නවසීලන්ත තරගාවලිය ඉතා හොදින් තම කණ්ඩායම තරග කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළා.