කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – කුසල් පිත්ත තෝරා ගනියි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ, පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ, මුලින් ම පන්දුවට පහර දීමටයි.

තරගය බංග්ලාදේශයේ චිතගොන්හි පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ක්‍රීඩාංගණයේ එක්දින තරගයක් ක්‍රීඩා කරන්නේ වසර 18කට පසු වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත් වුණු අවසන් එක්දින තරග පහෙන් තුනක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර බංග්ලාදේශය තරග දෙකක් ජය ගෙන තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ එක්දින තරග පහ ම ජය ගෙන ඇති බැවින් ශ්‍රී ලංකාව මෙම තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!