අදින් ආරම්භවන සතිඅන්ත නිවාඩුව සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ අනුව වැඩිම ඉල්ලුමට සරිලන පරිදි අතිරේක බස් රථ 60 ක් ධාවනයට එක් කිරීමට ජාතික ගමනාගමන මණ්ඩලය කටයුතු කරනවා.
එමෙන්ම නියමිත කාලසටහනකින් තොරව අමතර බස් රථ ධාවනයට එක්කිරීමටයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙන්නේ.
මේ අතර සංචාරකයින්ට තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා.