T20 දෙවන තරගයේ කාසියේ වාසිය කොදෙව් කාන්තා පිලට

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවන T20 තරගයේ කාසිය වාසිය බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිනා ගත්තා.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාව සතු වුණා.

මේ නිසා අද (26) තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූවහොත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවනවා.

පන්දුවාර 20 කාන්තා ජාත්‍යන්තර තරග ඉතිහාසයේ මීට පෙර එක් අවස්තාවකදී හෝ දෙරට අතර තරගාවලියක ජය ශ්‍රී ලංකාව කණ්ඩායමට හිමි නොවීම හේතුවෙන් මෙම තරගාවලියේ ජයග්‍රහණය හිමි වූවහොත් මෑත භාගයේ ශ්‍රී ලංකාව ලබාගත් ඓතිහාසික ජයග්‍රහණ අතරට මෙයද ඇතුළත් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!