TikTok තහනම් කිරීමට ජපානයේ අවධානය

චීන සමාගමකට අයත් TikTok යෙදවුම භාවිතය තහනම් කිරීමට ජපානයේ පාලක පක්ෂයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නීති සම්පාදකයින් කණ්ඩායමක් TikTok වැනි සමාජ මාධ්‍ය ජාල තහනම් කරන ලෙස රජයට බලකරමින් යෝජනාවක් සම්මත කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එවැනි සමාජ මාධ්‍ය හරහා වැරදි තොරතුරු ප්‍රචාරය කරන්නේ නම් ඒවා තහනම් කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ .

කිසියම් රටක් විසින් ඔවුන්ටම අයත් යෙදවුමක් විදෙස් රටවල් ඉලක්ක කරන ඔවුන්ගේ මෙහෙයුම් සඳහා ද්වේෂ සහගත ලෙස භාවිතා කර ඇති බව තහවුරු වන්නේ නම් වහාම ඒවා තහනම් කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවයි ජපානයේ නීති සම්පාදකයින් පෙන්වා දී ඇත්තේ

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *