ඉන්දියාව හා ලංකාව අතර කාන්තා ක්‍රිකට් අවසන් මහා තරගය අද
චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (25) පැවැත්වේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර මෙම අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත අතර ජයග්‍රාහී කණ්ඩායමට රන් පදක්කමේ උරුමය හිමිවේ. තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 11.30 ට චීනයේ හැන්ග්ෂු හිදී ආරම්භ වීමට නියමිතව තිබේ.