දළ කපාගන්නට කෝළිය වෙඩි තබා මරයි
රිටිගල සහ මින්නේරිය ජාතික උද්‍යාන වල දිවිගෙවූ ‘‘කෝළිය‘‘ නම් දළ ඇතාට වෙඩි තබා මරා දළ යුගළය කපා ගෙන ගොස් ඇතැයි රිටිගල වනසත්ව අඩවි කාර්යාලය පවසයි. මරාදමන විට කෝළියගේ වයස අවුරුදු 15 කට ආසන්න විය හැකිව තිබූ බවත්, අඩි දෙකක පමණ දිගින් යුතු දළදෙක තව දුරටත් වැඩෙමින් තිබූ බවත් වනජීවී නිළධාරීහු පවසති. ඇතා දකින්නට නොමැති බවට …