vat

වැට්බදු නැති භාණ්ඩ විකුණන වෙළඳසැල් ජාලයක්

වැට් බද්දෙන් නිදහස් භාණඩ පමණක් අලෙවි කළ හැකි වෙළඳ සැල් ජාලයක් රටපුරා ස්ථාපිත කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව හිටපු වෙළඳ ඇමති, වර්තමාන ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ අතරට එලවලු, ළදරු කිරිපිටි, පලතුරු සහ සහල් ආදී වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ රැසක් ඇතුලත් කරනා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් පැවසීය. කවීෂා විදානගමගේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයට අනුව ලබන වසරේ වැට් බද්ද අහෝසියි.

දැනට ක්‍රියත්මක එකතු කරන ලද අගය මත බද්ද 2024 ජනවාරි 01 වැනිදා සිට අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී ඇත. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු දැක්වු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාවය …

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයට අනුව ලබන වසරේ වැට් බද්ද අහෝසියි. Read More »