train

උඩරට මාර්ගයේ දුම්රිය කීපයක් අවලංගුයි. Night mail එකත් නෑ.

උඩරට දුම්රිය මාර්ගයේ නාය යෑම් හේතුවෙන් අද (22) කොළඹ කොටුව සිට බදුල්ල සහ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියයන් දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මධ්‍යම කඳුකරයේ පවතින අධික වර්ෂාව සමඟ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් කඳු නායායෑම් නිසා අවස්ථා ගණනාවකදී දුම්රිය මාර්ගය අවහිර විය. මේ හේතුවෙන් අද දිනය පුරා …

උඩරට මාර්ගයේ දුම්රිය කීපයක් අවලංගුයි. Night mail එකත් නෑ. Read More »

අද සවස කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගුයි

අද (30) සවස කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනයේ දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බවයි සඳහන් වේ. අද උදෑසන ද කාර්යාල දුම්රිය කිහිපයක් මේ හේතුව නිසා අවලංගු කර තිබුණි.

පස් කන්දක් කඩා වැටී උඩරට මැණිකේ මග නතර වේ

මාධ්‍යම කඳුකර ප්‍රදේශයයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තව දුරටත් බලපෑම් සිදුකරමින් තිබේ. අද දහවල් වටවල හා ගලබඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතු වී තිබේ. මෙම මාර්ග අවහිරතාවය නිසා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.30 ට බදුල්ල බලා ධාවනය …

පස් කන්දක් කඩා වැටී උඩරට මැණිකේ මග නතර වේ Read More »

නයින් ආර්ච් බලන්න ගිය පෙම් යුවළ දුම්රියේ ගැටේ

ඇල්ල දෙමෝදර ආරුක්කු නවය පාලම මතදී තරුණ යුවළක් දුම්රියේ ගැටී ඇත. මෙසේ අනතුරට පත්ව ඇත්තේ නයින් ආර්ච් පාලම නැරඹීමට පැමිණ සිටි තරුණයෙකු සහ තරුණියකි. අනතුරට ලක්ව ඇති තරුණයා 21 හැවිරිදි වියේ පසුවන බවත් තරුණිය 18 හැවිරිදි වියේ පසුවන බවත් වාර්තා වේ. දුම්රිය පැමිණෙන අවස්ථාවේ බිංගෙය අසල ඔවුන්ට ඉන් ඉවත්වීමට ඉඩ නොමැති වීමෙන් මෙම අනතුරට මුහුණ …

නයින් ආර්ච් බලන්න ගිය පෙම් යුවළ දුම්රියේ ගැටේ Read More »

ටිකට් නැතුව දුම්රියේ යන්නේ බලාගෙනයි

ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන මූලික කරගනිමින් මෙම වැටලීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වයි. කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියත් සමග දුම්රිය මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු තාවකාලිකව නතරවී තිබු අතර එ නිසා ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් …

ටිකට් නැතුව දුම්රියේ යන්නේ බලාගෙනයි Read More »

දුම්‍රිය වර්ජනය හේතුවෙන් දුම්‍රියක වහලක් මත නැගී ගමන්ගත් මගියෙක් ඇද වැටී මරුට

අද ක්‍රියාත්මක දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රියක වහලයක් මත නැග පැමිණි මගියෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ වහලය මත නැග පැමිණි මගියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මහනුවර සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියට ඔහු රාගමින් ගොඩවී ඇති බවයි වැඩිදුරටත් …

දුම්‍රිය වර්ජනය හේතුවෙන් දුම්‍රියක වහලක් මත නැගී ගමන්ගත් මගියෙක් ඇද වැටී මරුට Read More »

දුම්රිය ප්‍රමාදයක් ගැන පණිවිඩයක්

කුඩාවැව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී ඇති බව වාර්තා වේ. එම හේතුව නිසා පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටී. දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවය මගහරවා ගනිමින් හැකි ඉක්මනින් මාර්ගය පිළිසකර කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.

දුම්රිය අනතුර නිසා විකල්ප මාර්ග භාවිත කරන්න.පොලිසිය කියයි.

අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුර හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ ඇති වූ වාහන තදබදය හේතුවෙන්, මගී ජනතාවට හා රියදුරන්ට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ‍පොලීසිය දැනුම් දෙයි. කොළඹ සිට පස්යාල හන්දියෙන් මීරිගම අධිවේගි මාර්ගය දක්වා ගමන් කරන වාහන පස්යාල හන්දියෙන් ඇතුළුවීමට නොහැකි අතර කොළඹ – මහනුවර මාර්ගය භාවිත කළ …

දුම්රිය අනතුර නිසා විකල්ප මාර්ග භාවිත කරන්න.පොලිසිය කියයි. Read More »

කන්ටේනරයක් ගැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා.

මීරිගම, විල්වත්ත දුම්රිය හරස් මර්ගයේ දී කන්ටේනරයක් දුම්රියක ගැටීම හේතුවෙන් ප්‍ර්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ කාර්යයාල දුම්රියක මෙම කන්ටේනරය ගැටී ඇති අතර, දුම්රියේ ගැටුණු කන්ටේනරය මීටර් 100 ක් පමණ දුරකට දුම්රිය සමග ඇදී ගොස් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් දුම්රිය රැසක් ප්‍රමාද …

කන්ටේනරයක් ගැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා. Read More »

දුම්රිය වර්ජනය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට

දුම්රිය රියදුරු වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන කාලයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු විය ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව මරදානේ විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් පිරිසක් ඊයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි. මේ හේතුවෙන් …

දුම්රිය වර්ජනය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට Read More »